Follow Us :
2017-2018 අය වැයේ ඉඟි – ඉලෙක්ට්‍රික් කාර් – 800 cc කාර් බදු ඉවතට

budget_2018_sri_lanka

තවත් සති කිහිපයකින් ඉදිරිපත් කිරීමට නියමිත මංගල සමරවීර මුදල් ඇමතිවරයාගේ පළමු අයවැය ප්‍රකාශයේදී අලුත් විදිහේ යෝජනා කිහිපයක් සහ බදු සම්බන්ධ තීරණ කිහිපයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවට ආරංචි ලැබී තිබේ.

පසුගිය කාලයේ වඩාත් කථාබහට ලක්වූ මෝටර් රථ සම්බන්ධයෙන් බදු සහනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම විශේෂ කාරණාවකි. මෙවර අයවැයෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් රථ (එන්ජින් ධාරිතාව සී. සී. 800) සහ විදුලි මෝටර් රථවල බදු ඉවත් කරනු ඇතැයිද ඒ අනුව එම මෝටර් රථ මිල විශාලලෙස පහත හෙළනු ඇතැයිද පැවසේ.

හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන භාවිතය අවම කිරීමට ලෝකයම කල්පණා කරන වෙලාවේ ලංකාවේද එම තත්වය ඇති කිරීම මෙයට හේතු වශයෙන් දක්වා තිබේ.

Source: Gossiplanka News

No Comments| Loginto comment

Members' Area & Go!
Recent Comments
  • Recent Comments
  • Facebook Activity
    Cars for sale in Sri Lanka | Car Price in Sri Lanka - Carmudi
    Twiter Activity