Follow Us :
Nissan Leaf

Nissan Leaf Overview – Official Site: http://www.nissan.co.uk/GB/en/vehicle/electric-vehicles/leaf.html

14 Comments| Loginto comment

  • Web Master  commented on  3/3/16 4:18pm

    නිසාන් ලීෆ් බැටරියේ ධාරිතාවය ඉක්මනින් අඩු වීමේ සාධක. Nissan Leaf Battery Health Decaying Factors. By: Supun Madushanka (President- EV Club Sri Lanka) නිසාන් ලීෆ් බැටරියේ ධාරිතාවය ඉක්මනින් අඩු වීමේ සාධක

    http://www.hybridsrilanka.com/wp-content/uploads/2016/03/downalod-pdf

  • Web Master  commented on  1/5/16 11:24pm

    ඉලෙක්ට්‍රික් කාර් තීරු බද්ද වැඩි නොකිරීමට තීරණයක්

    ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා තිබූ 5% තීරු බදු ගාස්තුව, 2016 අයවැය යෝජනා අනුව 50% දක්වා ඉහළ නැංවීම අවලංගු කිරීමට පසුගියදා පැවති කැබිනට් ඇමති හමුවේදී ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ. මේ සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසා ඇත්තේ පාර්ශව ගණනාවකින් කෙරුණු ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගැනීමට රජය පියවර ගත් බවයි.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සමසභාපති කෝකිල දීකිරිවැව මහතාගෙන් විමසීමක් කරන ලදී. එහිදී ඒ මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

    “පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති 50% තීරුබදු ගාස්තුව ඉවත් කිරීමට යෝජනාවක් ජනාධිපතිතුමන් විසින් කර තිබෙනවා. මෙම යෝජනාව බලාත්මක වීමට නම් මුදල් ඇමතිවරයාගේ අනුමැතිය ඊට හිමිවිය යුතුයි.“

    “මෙලෙස බදු සංශෝධනයක් සිදුවනවා නම් නිෂ්පාදන විශේෂ බදු විධිවිධාන පනතේ 3C උපවගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා ඒ බව රේගුවට ඒ බව දැනුම් දිය යුතුයි. එය අත්සන් කිරීමේ බලය ඇත්තේ මුදල් ඇමතිවරයාට පමණයි. තම දැනුම පරිදි මුදල් අමාත්‍යවරයා මේ වන විටත් පසුවන්නේ විදේශගතවය. මුදල් අමාත්‍යවරයා විදේශගතව සිටින බැවින් එවැනි නියෝගයක් මේ දක්වා සිදුවී නැති බව දැනගන්නට ලැබී තිබෙනවා“, යැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    Source: http://biz.adaderana.lk

  • madhusara  commented on  12/7/15 11:51am

    New Charging Station opened in Udumulla Rd, Battaramulla, srilanka.

    contact:011 2 884738

  • Tharindu Anuradha  commented on  12/5/15 4:13pm

    Hey.. You can change Dashboard language in Nissan Leaf.go to Advance car audio. Dehiwala.contact numbers 0773990999/0773139000.

  • Tharindu Anuradha  commented on  12/4/15 1:22pm

    anybody change Dashboard language Nisan Leaf?????

  • Web Master  commented on  10/12/15 9:03am

    Nissan Leaf, ගන්න කලින් කියවන්න.


    නිසාන් ලීෆ් (Nissan Leaf) කියන්නෙ දැනට ලෝකය ජපප්‍රියම විදුලි මෝටර් (Electric Vehicle) රථය කීවොත් නිවැරදියි. ලංකවෙත් මේ රථය දකින්න ලැබෙනවා. 2010 වර්ෂයේ පලමු වරට හඳුන්වාදීමෙන් පසු මෙහි අලෙවිය ලොවපුර මෝටර් රථ 180,000 දක්වා වර්ධනය වී තිබේ. හරිබ්‍රිඩ් වාහන මෙන් නොව මෙය සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථයක් වීම මෙහි විශේෂත්වයයි. ඒ අනු ව කිලෝ වොට් 80Kw ක බලයකින් යුත් විදුලි මෝටරයක් මෙහි සාමාන්‍ය එන්ජිම වෙනුවට පවතින අතර එය පනගැන්වෙන්නේ කිලෝවොට් පැය 20Kw/h ධාරිතාවයකින් යුතු ලිතියම් අයන් (lithium-ion) බැටරියකින්. එම බැටරිය රථයේ පහල තට්ටුව මත සවිකර තිබෙනවා

    Nissan-Leaf-dashboard

    සමූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නිසා මෙය zero tail pipe emission එනම් කිසිදු ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර හානි වලින් තොර වාහනයක් ලෙස හැඳින් වෙනවා. දැනට පවතින වාර්ථා අනුව මෙහි එක් වරක් බැටරිය සම්පූර්ණයෙන ඈරොපණය කලපසු සැතපුම් 84ක් එනම් 135Km දුර ප්‍රමාණයක් ගමන් කරන්න පුලුවන්. පරිසර හානිය අතින් අවම උනත් දැනට ධාවනය කල හැකි දුර ප්‍රමාණයේ අඩු බව නිසාන් ලීෆ් කාර් එකේ තියෙන ගැටලුවක්. මේ නිසා දියුණු රටවල් වල බොහෝ දෙනා සහ ලංකාවෙත් බොහෝ දෙනා මෙය තමන්ගෙ නිවසේ අතිරේක වාහනය ලෙස භාවිතා කිරීම දක්නට ලැබේ.

    Nissan-LEAF-charge-port

    මෝටර් රථයේ ප්‍රධාන මාදිලි තුනක් ඇත. එවා S, SV සහ SL ලෙස හඳුන්වනු ලැබේ. මෙහි මූලික මාදිලිය වන S මාදිලියෙ 3.6Kw චාර්ජරයක් ඇති අතර එමගින් බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය වීම සඳාහා පැය 8ක කාලයක් ගතවේ. මීට අමතරව SV සහ SL මාදිලි වල 6.6Kw චාජරයක් ඇති අතර එමගින් නැවත ආරෝපණය කිරීමේ කාලය පැය 5ක් දක්වා අඩු කර ගත හැක. මෙම චාජරය S මාදිලියට අමතර උපාංගයක් (optional feature) ලෙසද මිලදී ගැනීමට හැකියාව ඇත. මෙහි ඉහලම මාදිලිය වන SL මාදිලියෙ තවත් අමතර චාජරයක් තිබෙනව. මෙය DC චාජරයක් වන අතර එමගින් විනාඩි 30 කාලයක් තුල බැටරියෙන් සියයට 80 පමණ නැවත ආරෝපණය කිරීමට හැකියාවක් තිබෙනව. මෙය අනිත් මාදිලි වලට අමතර උපාංගයක් ලෙස සවි කිරීමේ හැකියාවෙ තිබෙනවා.

    Safety features – ආරක්ෂිත උපාංග
    Nissan-LEAF-Airbag-layout

    ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහල සහතිකයක් ලබා ඇති Nissan Leaf රථයේ ඉදිරිපස front dual airbag, ආසන තුලින් මතුවන side airbag සහ වහලින් මතුවන curtain airbag ලෙස එයාර් බෑග් සමූහයකින් සමන්විත වේ. මෙහි අභ්‍යන්තර දහන එන්ජිමක් නැති නිසා වාහනය ශබ්දයක් ඇති නොකරන බැවින් පැයට කිලෝමීටර් 30ට අඩු වේගයන් වලදී වාහනය ඉදිරියේ ඇති ස්පීකරයක් මගින් විශේෂ ශබ්දයක් නිකුත් වීම සිදු කරනු ලැබේ.
    මෙහි මූලික මාදිලිය වන S මොඩලයේ විශේෂ උපාංග නොමැති අතර එහි 3.6Kw චාජරය සහ සාමාන්‍ය වානේ රෝද දක්නට ලැබෙනවා.

    අතරමැදි මාදිලිය වන SV හි අඟල් 7 තිරයක් සහිත නැවිගේෂන් (navigation) පද්ධතියක් සහ බලශක්තිය පිරිමසන අභ්‍යන්තර උනුසුම් පද්ධතියක් සහිතයි. තවද ස්පීකර් 6ක් සහිත මල්ටි මීඩියා පද්ධතියක් සහ iPhone වලට විශේෂ වන පැන්ඩෝරා ලින්ක් (Pandora Link) නැමති උපාංගයන්ගෙන්ද සමන්විත වෙනවා.

    ඉහලම මාදිලිය වන SL මාදිලියෙ DC fast charging port, Leather seats, LED headlights සහ photovoltaic solar panel යන උපාංග ඇතුලත් වෙනවා.

    අනාගතයේ විදුලි මෝටර් රථ ඉතා ජනප්‍රිය වීමට හැකියාව ඇති බව පෙනී යනවා. නමුත් දැනට පවුලේ වාහනය ලෙස Nissan Leaf භාවිතා කල හැකිද යන්න විවාදාත්මකයි. මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද?

  • Web Master  commented on  10/14/15 12:06pm

    වැඩිම විද්‍යුත් කාර් ප්‍රමාණය ගිය මාසේ මෙරට ලියාපදිංචි වෙයි. ඒ අතර, Tesla කාර් 04 ක්

    ජේ.බී. ස්ටොක්බ්‍රෝකර්ස් (JB Stockbrokers) සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ මෙතෙක් ලංකාව තුළ මාසයකදී ලියාපදිංචි වූ වැඩිම විද්‍යුත් වාහන ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වූ බවයි.

    මේ අනුව, 2015 සැප්තැම්බර් මාසයේදී විද්‍යුත් වාහන 471 ක් මෙරට ලියාපදිංචි වී තිබෙන අතර ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වී තිබුණේ විද්‍යුත් වාහන 15 ක් පමණි.

    මෙහිදී, කැපී පෙනෙන්නේ ටෙස්ලා විද්‍යුත් මෝටර් රථ 04 ක් සැප්තැම්බර් මාසයේදී මෙරට ලියාපදිංචි වීමයි.

    මෙරට වැඩියෙන්ම ලියාපදිංචි වී තිබෙන විද්‍යුත් මෝටර් රථය නිසාන් ලීෆ් වන අතර සමස්තයක් ලෙස මෙරට මේ දක්වා ලියාපදිංචි වී තිබෙන විද්‍යුත් වාහන ප්‍රමාණය 2072 කි.

    Source: adaderana

  • Web Master - Indrajith  commented on  3/2/16 11:34pm

    10 Things You Need To Know About your Nissan Leaf – http://evsrilanka.blogspot.com

  • Web Master  commented on  10/12/15 7:59am

    එක් වරකින් කිලෝ මීටර් 300 ක් දුවන නිසාන් ලීෆ් රථයක්

    New 300 KM Nissan Leaf Car
    සුප්‍රකට නිසාන් මෝටර් රථ සමාගම විසින් 2017 වසරේ මුල් කාලයේදී එක් වරක් ආරෝපණය කිරීම මගින් කිලෝ මීටර් 300 ක් ධාවනය කළ හැකි “නිසාන් ලීෆ්“ මෝටර් රථයන් එළි දැක්වීමට සූදානමින් සිටින බව අනාවරණය වේ.

    Auto Express වෙබ් අඩවිය නිසාන් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශිරෝ නකමුරා උපුටා දක්වමින් වාර්තා කරන්නේ මෙම නව නිසාන් ලීෆ් මෝටර් රථයේ ස්වරූපය සම්පූර්ණයෙන්ම නැවුම් ආකාරයක් ගන්නා බවයි.

    මෙම නව නිසාන් ලීෆ් මෝටර් රථයේ බැටරි ධාරිතාවය වඩාත් ඉහළ නැංවෙන බව සඳහන්ය.

    Source: http://www.autoexpress.co.uk/nissan/leaf/92857/exclusive-all-new-nissan-leaf-to-get-300-mile-range

  • Web Master  commented on  3/2/16 10:53pm

    Custom design NISSAN Leaf flexible solar panel, 230W including solar charger controller available for sale. You can run more 30 – 40 KM. Call 0777-305735
    Nissan Leaf Solar Charger Colombo Sri Lanka

  • Web Master - Indrajith  commented on  3/3/16 12:14am

    Eight Tips to Extend Battery Life of Your Electric Car.

    Nissan and General Motors and other carmakers currently provide EV battery warranties for eight years and 100,000 miles. Read more. http://evsrilanka.blogspot.com

  • Web Master - Indrajith  commented on  10/12/15 7:47am

    විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට විදුලි බල මණ්ඩලයෙන් සහන ගාස්තු ක්‍රමයක්.

    නිවසේ සිට කාර්ය බහුල නොවන වේලාවේදී විද්‍යුත් මෝටර් රථයක් ආරෝපණය කිරීමේදී විදුලිය ඒකකයක් සඳහා රුපියල් 13 ක සහන ගාස්තුවක් හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් වේ.

    මේ අනුව, විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ මෙම සහන ගාස්තු රාත්‍රී 10.30 සිට අලුයම 5.30 දක්වා කාර්ය බහුල නොවන වේලාවේදී හිමිවන බවයි.

    කාර්ය බහුල වේලාවේදී උදෑසන 6.30 සිට උදෑසන 10.30 දක්වා විදුලිය ඒකකයක් සඳහා රුපියල් 54 ක් අයකරන අතර ඉතිරි පැය 13 ක කාලය සඳහා විදුලි ඒකකයක් සඳහා රුපියල් 25 ක් අය කෙරේ.

    Source: http://biz.adaderana.lk

  • Janaka  commented on  3/5/15 11:48pm

    The Debate about Electrical Vehicles in Sri Lanka
    ————————————————-

    1. Is EV suitable for Sri Lanka?
    From the policy makers point of view, yes definitely. The reason is with the operation of Norochchalai Coal Power plant, we have a power plant which needs to run 24 hours a day. Coal power plants cannot be switched on and off at different times of the day unlike Hydro Power stations and diesel/gas power stations.

    Therefore it makes sense to invent new uses for the power generated during off peak hours (specially after mid night). So Govt. has indicated that there will be a special tariff for charging EVs in the night.

    2. Should you jump in to buying an EV now?
    My personal opinion is perhaps NOT YET. The main reason is because of lack of charging stations. Many believe that all you need for charging an EV at home is an extra power socket in your garage. But the more I read about the batteries, it appears that a special charger is recommended to ensure the long term reliability of the battery. So people should not rush in to buying EVs unless they understand all these facts about EV batteries and their maintenance.

    3. I will give some hints extracted from the internet:

    Quoting from the article “Nissan Leaf Battery Warranty: What You MUST Do To Keep It Valid” at http://www.greencarreports.com/news/1073334_nissan-leaf-battery-warranty-what-you-must-do-to-keep-it-valid

    — // —-

    In its warranty booklet — and its owners’ manual — Nissan says that “Exposing a vehicle to ambient temperatures above 120F for over 24 hours” will result in invalidating the car’s battery warranty.

    Similarly, Nissan warns it will invalidate a battery warranty claim on a Leaf stored at temperatures under -13F for more than seven days.

    Additionally, Nissan warns against “Charging the Li-ion battery full on a daily basis, despite the battery keeping a high state of charge level (98-100%).”

    In other words, it advises against charging your Leaf to full when the battery state of charge is already above the 80 percent full mark, or in fact regularly letting your leaf to enter its automatic charge cycle when the battery state of charge is above 80 percent.

    — // —-

    Nissan clearly states in its manual and its warranty that “Leaving your vehicle for over 14 days where the Li-ion battery reaches a zero or near zero state of charge” will invalidate your warranty.

    — // —-

    “The Li-ion battery discharges gradually if the vehicle is parked for a long time. Nissan recommends charging the Li-ion battery every 3 months using the long life mode charging method to keep the Li-ion battery in good condition. Do not leave the Li-ion battery fully discharged or with a very low charge level for a long period of time.”

    — // —-

    4. A point to note in Sri Lankan context is that if the charger circuit get tripped without your knowledge when charging a battery in near-discharged state the battery will continue to discharge until it is dead and there is possibility that you would not be able to bring it back to life again.

    5. The following article describes real life experiences of mileage of batteries.
    http://www.extremetech.com/extreme/136894-will-high-mileage-nissan-leafs-need-costly-battery-replacements-soon

    Hopefully the latest models have improvements on the batteries.

    So I do not intend to scare you off in buying an EV.

    However potential buyers should clearly understand what to expect instead of just making calculations for cost savings when making a purchasing decision. Buyers should have a good understanding of the pre-requisites for maintaining a healthy battery.

    Otherwise you would be making a costly mistake of wasting your money.

    6. Some more reading:
    http://evsroll.com/Nissan_Leaf.html
    http://en.wikipedia.org/wiki/Nissan_Leaf

  • Janaka  commented on  3/5/15 3:54pm

    There are many who talk about Nissan Leaf EV. But none seems to have any issues posted here.

    Here is a good explanation of How the Leaf Battery is made.

    http://www.eco-aesc-lb.com/en/product/liion_ev/

Members' Area & Go!
Recent Comments
  • Recent Comments
  • Facebook Activity
    Cars for sale in Sri Lanka | Car Price in Sri Lanka - Carmudi
    Twiter Activity